Posts

‘Blue’ ජපන් චිත්රපටය

Image
වර්ෂ 2001 දී සිනමාවට නැගෙන හිරොශි අන්දොගෙ ‘Blue’ ජපන් චිත්රපටය පශ්චාත් අධිරාජ්යවාදී රටවල එම මානසිකත්වයෙ සීමා තරණය කිරීමට අපොහොසත්ව එම සීමා තුළ සිර වී ජීවත්වන සිනමාකරුවන්, විචාරකයින් හා පොදු ජනතාව විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අග්රගන්ය සිනමා නිර්මාණයකි. මෙසේ කීමට හේතු කාරණා ගණනාවකි. චිත්රපටය නරඹන ඕනෑම කෙනෙකුට එක්වරට ප්රබල ලෙස දැනෙන කාරණාව නම් ලාංකීය, ඉන්දීය චිත්රපටවල ඇති සමාජ, දේශපාලනික වාතාවරණයෙන් නිදහස්, හුදෙක් ඒවා නිසා පුද්ගල අභ්යන්තරයට කිඳා බැසීමට ඇති සීමා බාධක වලින් තොර, හුදු සෞන්දර්යාත්මක, ආත්මීය විවරණයක, ආත්ම කථනයකට ඉඩ සැලසුණ කතා සන්දර්භයක් චිත්රපටය තුළ පැවතීම යි. මුළු කතාවම දෝලනය වන්නේ කිරිෂිමා සහ එන්ඩො යන නව යෞවන වියේ පසුවන ගැහැනු ලමුන්ගේ ජීවිත කේන්ද්රගතවය. ඊටත් වඩා දැනෙන දේ නම් එම කතාව ‘පලුදු’ කිරීමට එරට දේශපාලනයටවත්, එම දරුවන්ගේ දෙමව්පිය පසුබිමවත්, සමාජයේ හෝ ලෝකයේ අර්බුද මධ්යයේ ජපානයේ ස්ථාවරයවත් ඉස්මතු නොකර, එම දැරිවියන්ගෙ පාසල, නිවස, පාසැල් බස්රථය, පාසලත් නිවසත් අතර ගමන් මාර්ගය වැනි ‘සීමිත’ වපසරියක සුළු නොවූ ඉතා ගැඹුරු ආත්ම විවරණයකට සිනමාකරුවාට යාමට හැකි වීමයි. මෙය කී